Friday, January 11, 2019

සුරංගනාවි

යන්නෙ ඔබ කොයිබද මේ ඇඳිරියේ
ඇයි නොකියන්නෙ ප්‍රේමියේ
රූපේ කෙටුණා මගෙ හර්දයේ
ඔබේ සුරංගනාවියේ

යමුද මල් උයනක මල් නෙළන්න
නෙළ නෙළ ගීත ගයන්න
ලක්ෂණ මල් මාලය ගොතන්න
ප්‍රේමීගෙ ගෙලේ දමන්න

එන්න එන්න මගේ පැලට එන්න
දෙන්න දෙන්න ආදරේ ඔබගෙ දෙන්න
එන්න සනසන්න ආලය නොකඩන්න
සුරංගනාවියේ

අතු පැලක වසනා දුගියෙක් වෙති
රන් රිදි නැත දියමන්තී
ඔබේ ආලෙ දුන්නොත් මට නම් ඇති
මාගේ ලක්ෂණවන්තී

ළිඳට ගොහින් එන වේලේ දවාලේ
උකුළේ තබාගෙන කළේ
මිහිරියාවකි ඔබ නම් දෙවේලේ
ගම්මානේ මාගෙ කඳුකරේ

එන්න එන්න මගේ පැලට එන්න
දෙන්න දෙන්න ආදරේ ඔබගෙ දෙන්න
එන්න සනසන්න ආලය නොකඩන්න
සුරංගනාවියේ

දුප්පත් ගම්මානෙ එළිය කරන්න
සිතේ අඳුර මඟහරවන්න
සඳපානේ මිදුලේ කවි කියන්න
මගේ පැලට කැමතිද එන්න ....//

එන්න එන්න මගේ පැලට එන්න
දෙන්න දෙන්න ආදරේ ඔබගෙ දෙන්න
එන්න සනසන්න ආලය නොකඩන්න
සුරංගනාවියේ

ගායනය - වොලී බැස්ටියන්ස්
පද - වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය - වොලී බැස්ටියන්ස්

No comments: