Thursday, January 10, 2019

වීරියෙන් සොයා


කිසි වෙහෙසක් නොබලා
දිවා රෑ දුක් විඳලා
දැඩි කළ දියුණ අපෙ පතා
දෙවේලට කෑම නොකා
කුසගින්නත් නොබලා
විඳි දුක සැපක් යයි සිතා

ලෙඩ දුක් පැමිණි කලේ
වෙහෙසා ඔහුගෙ මොළේ
බෙහෙත් හේත් අරගෙන දුන්නා
ළඟ ඉඳ සියළු වෙලේ
දැන දරුවන්ගෙ බලේ
පණ සේ අප රැක උන්නා

වීරියෙන් සොයා
අප රක්ෂා කළ පියා
අත් මුදුන් තියා
වඳිනෙමු ගුණය කිය කියා ...//

දාඩිය මුගුරු හෙලා
නිතරම වෙහෙස වෙලා
අපෙ යහමග ඔහු සැලසෙව්වා
පොත් පත් ගෙන දීලා
අපෙ ඇස් පහදාලා
හැසිරෙන විදියද කිවුවා

රසට කන්න බොන්න ඇතී
නමුත් ඊට නැහැ කැමතී
කෑම සොයා අපට කවන්නේ
තියෙන දේ ඔහු අඳිතී
අපට අළුත් ඇඳුම් දෙතී
ඒව බලා ඔහු සැනසෙන්නේ

වීරියෙන් සොයා
අප රක්ෂා කළ පියා
අත් මුදුන් තියා
වඳිනෙමු ගුණය කිය කියා ...//

දෙමව්පියෝ ඔබගේ
ගෙයි ඉටු දෙවියො වගේ
මහලු මව්පියො රැකගන්න
හිතට ගෙන බස් මාගේ
පිහිට ලැබෙයි උතුමන්ගේ
එහෙම පමණි දෙලොව රැකෙන්න ...//

වීරියෙන් සොයා
අප රක්ෂා කළ පියා
අත් මුදුන් තියා
වඳිනෙමු ගුණය කිය කියා ...//


ගායනය - වොලී බැස්ටියන්ස්
පද - වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය - වොලී බැස්ටියන්ස්

No comments: