Wednesday, January 9, 2019

කාසි අතමිටේ


කාසි අතමිටේ ඉඩකඩම් රට තොටේ
වාසි ඇති විටේ මිතුරෝ සිටිති අප වටේ
වාසි ඇති විටේ මිතුරෝ සිටිති අප වටේ
කාසි අතමිටේ ඉඩකඩම් රට තොටේ

බඹරා මල් පුබුදා රොන් අරගන්නේ
මොණරා පිල් විහිදා ලස්සණට නටන්නේ
ගසක ඵල ඇතිදා වවුලන් පොරකන්නේ
එහි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ

දුෂ්ඨ  බස් කියා උන් බනී මෝඩයා
පාපිෂ්ට මිත්‍රයා විසගෝර සර්පයා
පාපිෂ්ට මිත්‍රයා විසගෝර සර්පයා
දුෂ්ඨ  බස් කියා නිතර බනී මෝඩයා

ගොඩින් නැව නොයයි එ් වගෙ රියත් දියෙ නොයයි
දුදන ගති මෙයයි කිසිවිට හොඳක් නොම කරයි
දුදන ගති මෙයයි කිසිවිට හොඳක් නොම කරයි
ගොඩින් නැව නොයයි එ් වගෙ රියත් දියෙ නොයයි

බඹරා මල් පුබුදා රොන් අරගන්නේ
මොණරා පිල් විහිදා ලස්සණට නටන්නේ
ගසක ඵල ඇතිදා වවුලන් පොරකන්නේ
එහි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ

මිතුරා පමණකී කළ හොඳ නොහොඳ දන්නෙකී
හතුරා නපුරෙකී එය සේවනය විපතකී
හතුරා නපුරෙකී එය සේවනය විපතකී
මිතුරා පමණකී කළ හොඳ නොහොඳ දන්නෙකී

යුතුකම දන්න දුක සැප දෙකටම ඉන්න
මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න
මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න
යුතුකම දන්න දුක සැප දෙකටම ඉන්න

බඹරා මල් පුබුදා රොන් අරගන්නේ
මොණරා පිල් විහිදා ලස්සණට නටන්නේ
ගසක ඵල ඇතිදා වවුලන් පොරකන්නේ
එහි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ

ගායනය - වොලී බැස්ටියන්ස්
පද - වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය - වොලී බැස්ටියන්ස

No comments: