අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැණ්ඩලින්
වයලින් වයලින් ගෝවේ නොනැසෙන වයලින්
වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැළවේ ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මං හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
වියෝලේ වියෝලෙ මාගේ
වියෝලේ වියෝලෙ මාගේ
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැණ්ඩලින්
වයලින් වයලින් ගෝවේ නොනැසෙන වයලින්
ගෙන්නා නාදෙට දෙව් සුර ලියන්
නැටුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද පඬි දනන්
ආවානේ ඔබෙ තරඟෙට දුර සිටන්
මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසීලා සිත් සැදුණා ලොව දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියෝලේ වියෝලෙ මාගේ
වියෝලේ වියෝලෙ මාගේ
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැණ්ඩලින්
වයලින් වයලින් ගෝවේ නොනැසෙන වයලින්
බාලේදි ඔබට බැන්ද ආදරේ
එ් කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ එක තාලයකට මගහැරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බටනලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
වියෝලේ වියෝලෙ මාගේ
වියෝලේ වියෝලෙ මාගේ
වියෝලේ වියෝලෙ මාගේ
ගායනය - වොලී බැස්ටියන්ස්
පද - වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය - වොලී බැස්ටියන්ස්
No comments:
Post a Comment