Saturday, January 12, 2019

මගේ මල්ලියා


කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා ..//

සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි
ඒවා කඩා පෙරළලා දමා දුවයි ..//
සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා අඬයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි //

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා

පාසල් ගොසින් බෑගයක් අතින් අරන්
ගල්කූරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන් ..//
පුංචි ගීත පුංචි කමට කියයි ආදරෙන්
නටයි සන්තොසින් මල්ලියා රත්තරන්

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා ..//

ගායනය - ශිරෝමාලා ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - ක්ලෝඩ් ද සොයිසා

4 comments:

Anonymous said...

මෙහි පදමාලාව ,තනුව ක්ලෝඩ් ද සොයිසා .මෙය නිවැරදි කරන්න

Anonymous said...

කොටු වැටිච්ච පුoචි සරම ගීතයේ පද රචනය ,තනුව ක්ලෝඩ් ද සොයිසා .මෙය නිවැරදි කරන්න

Gee Arana ගී අරණ said...

සනාථ කරන්න මූලාශ්‍ර තිබේ ද?

පහත තියෙන්නෙ ශිරෝමාලාගේ එක් EP තැටියක විස්තරයි.

ඒ අයුරින් වූ මූලාශ්‍ර ඉදිරිපත් කළ හැකි නම් කෘතඥ වෙනවා.


Chuti Duwa with Rana Monara
By Shiromala Fernando

Type EP
Released 1975

Track listing
A1 Hinchi Pinchi
A2 Sanda Gamana
B1 Rana Monaru
B2 Chuti Duwe


Victor Dalugama
composer, A1 & A2
music director, A1 & A2
violin

Aelian de Soysa
music director, B1 & B2
piano

Claude de Zoysa
composer B1
lyricist B1 & B2

Camillus E. Fernando
composer B2

Karunarathna Abesekara
lyricist A1 & A2

Contributers Full list

Victor Dalugama - composer, music director, violin
Aelian de Soysa - music director, piano
M. K. Rocksamy - violin
Amarasiri Peiris - violin
Patrick Denepitiya - electric guitar
Sarath Balasuriya - clarinet
Stanley Peiris - saxophone
M. Wijewardena - Spanish guitar
Y. M. Sumanasiri - sitar
M. Waazagar - double bass
Farook Miskin - session musician
W. J. Shiyaratne - bongo
G. W. Wijayasiri - conga drums
Claude de Zoysa - composer, lyricist
Camillus E. Fernando - composer
Karunaratne Abeysekera - lyricist

මූලාශ්‍රය
https://rateyourmusic.com/release/ep/shiromala-fernando/chuti-duwa-with-rana-monara/

Gee Arana ගී අරණ said...

ඔබේ ප්‍රතිචාරය අගේ කරනවා.
එනමුත් තහවුරු කිරීමේ මූලාශ්‍ර අවශ්‍යයි නෙ.
එසේ වූ විට නිවැරදි කරන්නට පුළුවන්.
"ගී අරණ" ගීයක් පලකිරීමේදී එය කරන්නෙ අඩවියටම ආවේනික නිර්නායකයන්ට අනුකූලවයි.
ස්තුතියි.