රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්න
මම කල පවු කියලා
දෙපතුල ළඟ වැටිලා
දැඩිකල මවුට වඳින්න ....//
දුක සැප දෙකට පිහිට වෙන්නෙ මෑණියෝ
දැක දැක මව් නොසලකයි රටේ මෝඩයෝ
දස මස කුසෙහි දරා
රස කිරි පොවමින් මා
දැඩිකල මගේ මෑණියෝ ....//
දෑත දෙපය නොකඩා දැඩි කරපු මව් හට
දෝත නගා වඳිනව මම මගේ අම්මට
ලෙඩ දුකට මිතුර තමා
මාව නැළෙව් මගෙ අම්මා
මෙලොව දෙවියො දෙමව්පියො මට ...//
මවු වාගෙ කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මවු නැතිදා තේරේයි මව් නැති සෝකේ
උඹල නලවා දොයි බබොයි කියා
බැලුවා නෙත නොපියා
සිහිවේ මවු මරණ මංචකේ
නලවා දොයි බබොයි කියා
බැලුවා නෙත නොපියා
සිහිවේ මවු මරණ මංචකේ
සත්වයා මුරුගයා ආදරෙයි පැටියට
යක්ෂයා වාගෙ සමහර පුතු රවයි අම්මට
බස් බොරු නොව මිතුරා
ඇස් දෙක යයි පුපුරා
සත්තම් ඇයි නාකි අම්මට ...//
බැන්නොත් මවුට ගිණි බෝලත් ඔබයි උගුරට
ගැහැව්වොත් අම්මාට අත කැඩෙයි හතරට
අනුවන මෝඩ දනා
මවු සුළු කොට සිතලා
වැටෙයි නිරේ දැවෙයි ගින්නට ....//
පවු නැද්දෝ මවු පාරේ සිඟාකයි පුතේ
ලව් කරන කෙල්ලට නුඹ පුදයි ජීවිතේ
මෝඩකම් අත් ඇරපන්
මගෙ වදන් හිතට අරන්
සලකන් මවුගෙ ජීවිතේ ...//
දැඩි කළ මගෙ මවුනී
ඔබෙ දෙපතුල වඳිමී
රස කිරි උල්පත ඇති ඔබට ලැබෙන්න
ගායනය - වොලී බැස්ටියන්ස්
පද - වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය - වොලී බැස්ටියන්ස්
සටහන:
මෙහි ඇතුළත් වන්නේ වොලී බැස්ටියන්ස් පද ලියා ගැයූ මුල් ගීයයි. එදා එ් ගායනයේ පද එලෙසින් මෙහි දක්වා ඇත. පසු කලෙක වෙනත් ගායකයන් විසින් මෙම ගී ගයන්නට යෙදුන අතර, එම ගායනයන්හිදී පද රචනාවේ වෙනස්කම් ඇතිවිය. පසු ගායන අතර මැක්ස්වල් මෙන්ඩිස් කළ ගායනයේදී බොහෝ වෙනස්කම් සිදු කොට ඇති බව සඳහන් කරමි.

No comments:
Post a Comment