Saturday, January 12, 2019

රුං රුං හඬ දීලා


රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුංඇට තරමේ මැටි ගුලි ගෙනල්ල
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා

පොඩි පොඩි කාමර වෙන්කෙරුවා
සංතෝසෙන් රුං හඬ දීලා
අද හෙට තව තව හැඩ වෙනවා
පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවීලා

රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුංඇට තරමේ මැටි ගුලි ගෙනල්ල
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා

හදාපු ගෙය අම්මා දුටුවා
කොහු මිටකින් ඇනලා කැඩුවා
ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා
කුඹලෝ උඹ මෙන් මමත් එදා හැඬුවා

රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුංඇට තරමේ මැටි ගුලි ගෙනල්ල
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා

එහා ගෙදර පොඩි සුමනක්කා
එක්කල මම ගේකුත් හැදුවා
ඒකත් අම්ම ඇවිත් කැඩුවා
ඔයයි මමයි හැදු පුංචි ගෙවල් කැඩුවා

රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුංඇට තරමේ මැටි ගුලි ගෙනල්ල
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා

ගායනය - චම්පිකා ගුණවර්ධන
පද රචනය - ක්ලෝඩ් ද සොයිසා
තනුව - අඥාතයි

No comments: