Sunday, February 17, 2019

සොරාගත්තු කේජු කෑල්ලක්

සොරාගත්තු කේජු කෑල්ලක් කටේ තියන්
කපුටෙක් ගොස් කැලේ ගහක වැහුව සන්තොසින්
කපටි රජා නරියා ගහ මුල හිටිය බලන්
කපුටව රවටන්නම්
කේජු කෑල්ල කන්නම් ....//

මේ බලන්න මේ පක්ෂියා හරිම ලක්ෂණයි
අත්තටු දෙක රිදියෙන් කළ කැටයමක් ලෙසයි
රවුම් ඔලුව දෙනෙත මැණික් කැට දෙකක් වගෙයි
කකුල් දෙකයි ලස්සණ හොට රන් පරාද වෙයි

ඔබගේ රූපය මේ තරමට ලක්ෂණ නම්
කටහඬ මිහිරියි කියාලා කිය යුතුද ඉතින්
ඔබගේ කටහඬ මට අහගන්න ලැබුනොතින්
මේ ලොව ඇති එකම පින්වතා විය හැකි මං

අනේ මෙන්න පිං ඇති ලක්ෂණ පක්ෂියා
ඔබේ මිහිරි හඬ ඇසුවොත් පින්වතයි එයා
ඔය දිලිසෙන කට ඇර එක වචනයක් කියා
මා සනසනු මැන ආදරණීය මිත්රයා

නරියා කපටි බව කපුටා දැනගෙන හිටියා
හොටේ තිබුණ කේජු කෑල්ල අත්ත උඩ තියා
කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා
කීප විටක් නාද කෙරුව කාක් කාක් කියා

දෙන්න දෙයක් නැහැ මගෙ වරුණාව කිවුවට
පුරාණෙ හිටි කාක්කො රැවටුනේ ඔව්වට
ලැජ්ජා හිතිල වගෙයි අනේ කරලා විහිලුවක්
මං කොළඹ කාක්කෙක් නරියෝ කොළඹ කාක්කෙක්

සොරාගත්තු කේජු කෑල්ලක් කටේ තියන්
කපුටෙක් ගොස් කැලේ ගහක වැහුව සන්තොසින්
කපටි රජා නරියා ගහ මුල හිටිය බලන්
කපුටව රවටන්නම්
කේජු කෑල්ල කන්නම්

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු



මුල් ගීය

පසු ගායනයක්

No comments: