මලක් කඩා කොණ්ඩෙ ගසාලා
කළේ අරන් උකුළෙ තබාලා
සීගිරි තාලෙට නැළවී
කොහෙ යනවද සිරියාවී
ඇයි මට ඔච්චමක් කළේ
දාණ්ඩ අතක් මගෙ ගෙලේ
ඔබ දැඟලුවොත් කලබලේ
වැටිලා බිඳෙයි මගෙ කළේ
එන්ඩකො ආදරියේ යන්ඩ දෙන්නා පීනා
ආදර ප්රේම සාගරේ
රබානෙ හඬ ඇසුණා
නටණ්ඩ මට සිතුණා
යමු යමු පීන පීන බයිලා කිය කියා
අළුත් තාලෙ ගෙයක් හැදුවම
අතට පයට වැඩකරුවන් ව
ඔයාට රජ සැප දෙන්නේ
බෝනික්කා වාගෙ තියන්නේ
ලස්සණ සාරියක් ඇඳන්
හාන්සි පුටුවක ම ඉඳන්
නෝනා කෙනෙක් වාගෙ මං
ආය ට කතාකරන්නම්
අළුත්ම කාර් එහෙකින් කොළඹ යන්න ආසා
පෙනෙණ්ඩ තියෙන ආදරේ
හැටටම පාගාලා
මගෙ ඩාලින් කියලා
යමු අපි ගෝල්ෆේස් හුළං වදින්න
ලොකු ලොකු හෝටල් ගානේ
බෝල්රූම් ඩාන්ස් නටන්නේ
අරගෙන විස්කි බෝතලේ
ජොලි පිට කාලෙ ගෙවන්නේ
කිරි පැණි වගේම දෙන්නා
ආදරෙන්ම කාලෙ ගෙවන්නා
හිතුවට රජ සැප දෙන්න
රස්සාව නැතිව කොහොමද
පරස්සාවක් කළාට පසුව නෙ රස්සාව
හොයන්න ඕන ආදරී
බඩගිණි වැඩිවේවී
ආදරෙ නැතිවේවී
එතකොට පවුල් අවුල් වෙනව දෙවියනේ
කාලා බීලා සැපෙන් සෑමදා
ඉන්නට ඕනනම් සුදා
රස්සාවක් හොයාගෙන
කසාදෙ බඳිමු සතුටින
ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ පුෂ්පරාණී ආරියරත්න
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.එස්. ප්‍රනාන්දු
චිත්‍රය ජයසිරි සේමගේ ශිල්පියාගේය.
මේ එම්. එස්. ප්‍රනාන්දු ගැයූ මුල් ම ගීයයි.
එම්.එස්. ප්‍රනාන්දු සහ මරියසෙල් ගුණතිලක පසු කලෙක කළ ගායනයක්
මලක් කඩා කොණ්ඩෙ ගසාලා
කළේ අරන් උකුළෙ තබාලා
සීගිරි තාලෙට නැළවී
කොහෙ යනවද සිරියාවී
ඇයි මට ඔච්චමක් කළේ
දාන්න අතක් මගෙ ගෙලේ
ඔබ දැඟලුවොත් කලබලේ
වැටිලා බිඳෙයි මගෙ කළේ
එන්නකෝ ආදරියේ යන්න දෙන්නා පීනා
ආදර ප්රේම සාගරේ
රබානෙ හඬ ඇසුණා
නටන්න මට සිතුණා
යමු යමු පීන පීන ගීත ගයගයා
අළුත් තාලෙ ගෙයක් හැදුවම
අතට පයට වැඩකරුවන් ව
ඔයාට රජ සැප දෙන්නේ
බෝනික්කි වාගෙ තියන්නේ
ලස්සණ සාරියක් ඇඳන්
හාන්සි පුටුවකම ඉඳන්
නෝනා කෙනෙක් වගේ මං
ආය ට කතාකරන්නම්
අළුත්ම කාරෙකකින් කොළඹ යන්න ආසා
පෙනෙන්න තියෙන ආදරේ
හැටටම පාගාලා
මගෙ ඩාලින් කියලා
අපි යමු ගෝල්ෆේස් හුළං වදින්න
ලොකු ලොකු හෝටල් ගානේ
බෝල්රූම් ඩාන්ස් නටන්නේ
අරගෙන විස්කි බෝතලේ
ජොලි පිට කාලෙ ගෙවන්නේ
කිරි පැණි වගේම දෙන්නා
ආදරෙන්ම කාලෙ ගෙවන්නා
හිතුනට රජ සැප දෙන්න
රස්සාව නැතිව කොහොමද
No comments:
Post a Comment