Saturday, February 23, 2019

සීත සුළං අවට හමන්නේ

සීත සුළං අවට හමන්නේ
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න
විවෙිකයක් ගන්න
ඇඟේ පතේ සුවෙි දැනෙන්න ...//

බලන්න ආසයි තක්කලි ඉදීලා
මල් පැහැ දුන්නු ගෝව පැසීලා
කඳු මුදුනේ බීටිරූටි වැවීලා
සිරිසාරයි සරුසාරයි කන්ද උඩරටෙි //

සීත සුළං අවට හමන්නේ
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න
විවෙිකයක් ගන්න
ඇඟේ පතේ සුවෙි දැනෙන්න

සැම කන්දක් සරුසාරව පෙනෙන්නේ
තේ දළු සුළඟට ලෙළදෙන්නේ
කොමළ ලඳුන් ඒ තේ දළු නෙළන්නේ
සිරිසාරයි සරුසාරයි කන්ද උඩරටෙි //

සීත සුළං අවට හමන්නේ
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න
විවෙිකයක් ගන්න
ඇඟේ පතේ සුවෙි දැනෙන්න

සීතල සුළඟින් මුළු ගත නිවෙන්නේ
ගලනා දිය ඇලි සැම අත පෙනෙන්නේ
රස බර පලතුරු මිහිරයි ගෙනෙන්නේ
සිරිසාරයි සරුසාරයි කන්ද උඩරටෙි //

සීත සුළං අවට හමන්නේ
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න
විවෙිකයක් ගන්න
ඇඟේ පතේ සුවෙි දැනෙන්න ...//

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: