Friday, February 15, 2019

ලස්සණ රෝස මලක්

ලස්සණ රෝස මලක් මට ලස්සණ නෑ
ලස්සණ සමනලයා මට ලස්සණ නෑ
ලස්සණ කිසිම දෙයක් මට ලස්සණ නෑ
ලස්සණ නෑ
ලස්සණ නෑ
ආදරවන්තියේ ඔබ වාගෙ නෑ //

නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරී අගේ
රන් වලින් දම්වැල් සදා
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්රිය ආදරී ඇතේ
මාව සනසන්න පිනවන්න මිණි මුතු රන් වලින් බෑ
ඇලේ දොළේ ගංගාවෙ දියඇල්ලේ මගෙ හිත නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්රිය ආදරී ඇතේ

ලස්සණ රෝස මලක් මට ලස්සණ නෑ
ලස්සණ සමනලයා මට ලස්සණ නෑ
ලස්සණ කිසිම දෙයක් මට ලස්සණ නෑ
ලස්සණ නෑ
ලස්සණ නෑ
ආදරවන්තියේ ඔබ වාගෙ නෑ //

කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ
සුන්දරයි දෙසවන් පිනා
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්රිය ආදරී ඇතේ
ඈගෙ සුදු මුහුණ දුක්වීලා හැඬුවාට කැත වෙන්නෙ නෑ
මම ඔබෙ ඔබ මාගෙ මගෙ හිත වෙන් වෙන්නෙ නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්රිය ආදරී ඇතේ

ලස්සණ රෝස මලක් මට ලස්සණ නෑ
ලස්සණ සමනලයා මට ලස්සණ නෑ
ලස්සණ කිසිම දෙයක් මට ලස්සණ නෑ
ලස්සණ නෑ
ලස්සණ නෑ
ආදරවන්තියේ ඔබ වාගෙ නෑ ////.

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

මුල් ගීය


පැරණි පටිගත කිරීමක්



සන්ෆ්ලවර් සමග

No comments: