Thursday, February 14, 2019

මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා

මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ ...//
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා ...//
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //

මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //

නිල්බර සඳ පතා ඵල නැතේ
බැබලෙන තරු පතා ඵල නැතේ ...//
කිඳුරු ලියන් පතා ඵල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ //

මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය - නොදනී
තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: