මේ ගම්මානේ කඳු වැටි සීමාවේ
ලස්සණ වන අරණේ තිබුණා සේනාසනේ
ඒ අසපුවෙහි වැඩහුන් ඒ කාලේ
පොඩි හාමුදුරුවො නෑ දැන් ඒ සේනාසනේ
අපේ පිනටම පහළ වුණා සේ
සිල්වත් වූ ඒ පොඩි හාමුදුරුවො
බුදු සමිඳුන්ගේ සෙවණැල්ලක් සේ
පිඬු සිඟමින් වැඩියා ගෙන් ගෙට
මෙත් කරුණාවෙන් සිත් සනහාලන
සිල් සුවඳක් හැමුවා දොරින් දොර
මේ ගම්මානේ කඳු වැටි සීමාවේ
ලස්සණ වන අරණේ තිබුණා සේනාසනේ
ඒ අසපුවෙහි වැඩහුන් ඒ කාලේ
පොඩි හාමුදුරුවො නෑ දැන් ඒ සේනාසනේ
අපේ සිත් තුළ පව් මල සෝදා
දහම් දෙසූ ඒ පොඩි හාමුදුරුවො
නොපෙනී සැඟවුණු තරු කැකුළක් සේ
ගම හැරදා වැඩියා හිම යට
සත් ගුණ දම් වැඩූ සිත් පිරිහී යළි
වල් බිහි වීය අනේ එදා සිට
මේ ගම්මානේ කඳු වැටි සීමාවේ
ලස්සණ වන අරණේ තිබුණා සේනාසනේ
ඒ අසපුවෙහි වැඩහුන් ඒ කාලේ
පොඩි හාමුදුරුවො නෑ දැන් ඒ සේනාසනේ
ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ සහ දීපා ජානකී පතිරණගේ (එවකට එතුමා ගේ ශිෂ්‍යාවකි)
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ
No comments:
Post a Comment