දිලීප පොඩි පුතු
EP තැටිය (Exvee / RSG. 1001) 1968
කරුණාරත්න අබේසේකරයන්ගේ පුත් "දිලීප" වෙනුවෙන් නිර්මානය වූ ගීයකි.
සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණනි
මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි
සුලලිත කෝමළ
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොළවන්
සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
දිලීප පොඩි පුතු
සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණනි
මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
මහද විමානයෙ
තැන්පත් කළ ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවා ගෙන
බිළිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ
දිලීප පොඩි පුතු
සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණනි
මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
කුමාරයාණනි
මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
හ්ම්.. ම් ම් ම් ම්ම්....
හ්ම් ම් ම්.. ම් ම් ම්ම්..
හා හා හ හා..
හා හා හා....
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන (මූන්ස්ටෝන්ස්)
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ක්ලැරන්ස්
විජේවර්ධනEP තැටිය (Exvee / RSG. 1001) 1968
කරුණාරත්න අබේසේකරයන්ගේ පුත් "දිලීප" වෙනුවෙන් නිර්මානය වූ ගීයකි.
No comments:
Post a Comment