Thursday, March 28, 2019

මුව හසරැළි සාගරේ



මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

සඳ විමනේ විසිතුරු පවසා
නෙත් එළියෙන් තොරතුරු විමසා
පිය වදනේ සළු වට දවටා
සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
නොමියෙන සුළු ආදරයක කතා කියන්නම්

මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

සඳ විමනේ සොමි ගුණ මවලා
දේදුන්නක සිසිලස ඔතලා
මල් කෙමියක මධු රස සොයලා
සල් අරණක පවනැළි නිවලා
ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
ඔබ නළවන්නම්
මම ඔබ සනසන්නම්
නොමියෙන සුළු ආදරයක කතා කියන්නම්

මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - උපාලි ධනවලවිතාන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: