සරණ බැඳෙනා පෙම්වතී කුමට ඇඬුවාදෝ
අලුත හිමිවූ පෙම්වතා අගය නැතුවාදෝ
දිනෙක ඔබෙ සිත මංමුලාවී මහද රිදවාලා //
ගියපසු
සරණ බැඳි පෙම්වතී කඳුළ හඳුනාදෝ
සරණ බැඳෙනා පෙම්වතී කුමට ඇඬුවාදෝ
කඳුළ පිසදා දෑස දෑලේ යන්න හිනැහීලා //
කුලගෙට
සරණ බැඳි මා පෙම්වතී කුමට වැලපේදෝ
සරණ බැඳෙනා පෙම්වතී කුමට ඇඬුවාදෝ
මුදුව පළඳා ප්‍රේම විජිතේ ඔහුට හිත දීලා //
යනු මැන
සරණ බැඳි මා පෙම්වතී ඔබට ජය වේවා //
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ක්ලෝඩ් ප්‍රනාන්දු
No comments:
Post a Comment