Thursday, March 28, 2019

හිරු සඳු මැකෙනා



හිරු සඳු මැකෙනා
තරු කැට වැටෙනා
ලොව ඝණඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ රැයේදී බැඳි ආදරේ බිඳිලා
බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන්වූයේ

දියවැල් මැකිලා
ගඟුලැල් සිඳිලා
මල් මැලවුණු යාමයේ
බිඟු වැළපුණු පාළුවේ
මේ පැයේදී බැඳි ආදරේ බිඳිලා
බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන්වූයේ

හිරු සඳු මැකිලා
තරු කැට වැටිලා
ලොව ඝණඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ රැයේදී බැඳි ආදරේ බිඳිලා
බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන්වූයේ

මීවිත සිඳිලා
ගී පද මැකිලා
සිත ගොළුවුණු යාමයේ
ලොව සැතපෙන මේ පැයේ
ඒ දිනේදී බැඳි ආදරේ බිඳිලා
බිඳිලා
ළඳුනේ කිමදෝ වෙන්වූයේ

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - හේමසිරි හල්පිට
තනුව - ක්ලෝඩ් ප්‍රනාන්දු

No comments: