Thursday, March 28, 2019

කඳ සුරිඳුනි ඔබෙ


කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන ...//

ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා ...//

සත් ගිරි වට කොට ඔබෙ නිවහන ඇත
සත් සිඳු පතලව ඔබෙ කිතු ගොස ඇත ...//

ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

අද ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

මයුරාසන මත වැජඹෙන තෙදැතිව
උතුරන හදකින් පුද දෙමු බැතියෙන ...//

ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

අද ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

කඳ සුරිඳුනි ඔබෙ පිහිට ලැබේවා
මගෙ රට සව් සිරියෙන් සපිරේවා ....//

ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

අද ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

1973 සුපර් ගෝල්ඩන් චයිම්ස් නිකුත් කළ The Super Golden Chimes at Kataragama තැටියට අඩංගු වූ තීයකි. (EP Sooriya / CHB 032)

No comments: