Thursday, March 21, 2019

පිට දීප දේශ ජය ගත්තා

පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන් 
පිට දීප දේශ ජය ගත්තා 

තම රට දේවල් පිට රට පටවා 
පිට කාසිය මෙහි ඇද්දා ....//

පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන් 
පිට දීප දේශ ජය ගත්තා

පිටරට සිරිතට දිව දික් කරනා 
අද සිංහල කළු සුද්දා ....//

කන්ට අදින්ටා පිටරටින් එනතුරු 
මුහුදට දත නියවන්නා ....//

පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන් 

හෙරළි බතල ටික නුපුරුදු අම්මා 
රට හාලේ බත කාලා ....//

කිරි නැති හින්දා රට කිරි දීලා 
සිංහල දරුවෝ මරන්නා ...//

පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන්

පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩගින්නේ සිංහලයා ....//

අන්තිමේදී බුදියන පැදුරත් 
දැන් දැන් පිටරටින් එන්නා

පිට දීප දේශ ජයගත්තා 
ආදී සිංහලුන්

ගායනය - ලක්ෂ්මී බායි (මුල් ගායනය නොවේ.)
පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්
තනුව - පාපනසාම් සිවන්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ

දමිළ ගී තනුවකි. කේ. අස්වාතම්මා විසින් 1937 දී තිරගත වූ "චින්තාමනී" චිත්‍රපටියට ගායනා කළ, "දිව්ය දර්ශනම්" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.





පසු කලෙක වෙනත් ගායක ගායිකාවන් ද "ආදී සිංහලුන්" ගීය නොයෙක් අවස්ථා වල ගායනා කර ඇත. මාලිනී බුලත්සිංහල මහත්මිය, එලෙසින් කළ ගායනයකි පහත ඇත්තේ. ඇය ගයන්නේ මුල් ගීයෙන් කොටසක් පමණික් නිසා එම ගායනයට අනුව පදමාලාව ඉදිරිපත් කර ඇත.


පිට දීප දේශ ජය ගත්තා
ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා //

පිට රට සිරිතට දිව දික් කරනා
අපෙ සිංහල කළු සුද්දා //

කන්ට අදින්ටා පිට රටින් එන තුරු
මුහුදට දත නියවන්නා //

පිට දීප දේශ ජය ගත්තා

ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

හෙරළි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා //

කිරි නැති හින්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා //

පිට දීප දේශ ජය ගත්තා

ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ...//

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්


ලක්ෂ්මී බායි මහත්මිය ස්වාධීන රූපවානීයේ වැඩසටහනක  මේ ගීය ගැයූ අයුරු


මෙම ගී තනුවට ජුතිකා රෝයි ගැයූ ගීයක් (Main To Girdhar Ke Ghar Jaun Ranaji) 1962
 

2 comments:

MMH MARIKKAR said...

පිට රට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා...//
අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් ගෙන්නා...//

Above missing

Gee Arana ගී අරණ said...

MMH MARIKKAR මහතා. ඔබ හරි. මහෙි ඉදිරිපත් කර ඇත්තේ ලක්ෂ්මී බායි මහත්මිය ගැයූ ගීය නොවේ. පද ඉදිරිපත් කර ඇත්තේ මාලිනී බුලත්සිංහල මහත්මියගේ ගායනයටයි.