Wednesday, March 27, 2019

ආදරේට කියන කතා



ආදරේට කියන කතා බොළඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට

තටු සිඳිලා වැලපෙනවා
සිත බැඳිලා (හා) හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙලූ
බොළඳ කතා

ආදරේට කියන කතා බොළඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට ...//

මල් ගොමුවේ තුරු සෙවණේ
හමුවෙනවා (හා) වෙන්වෙනවා
උයන් කොණේ අවන්හලේ
උයන් කොණේ හමුවෙනවා
අවන්හලේ වෙන්වෙනවා
බොළඳ කතා

ආදරේට කියන කතා බොළඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට ...//

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන


තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: