Tuesday, March 26, 2019

නළලේ කියඹු ලතාවෝ



නළලේ කියඹු ලතාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ
ආකාසේ වලා පෙළින් නෙළා ගෙනල්ලා
ඔපේ වඩන කියඹු ලතා ඕවා
කිරිමූදේ තරංගයෙන් හොරා ගෙනල්ලා
රටක් වටින සිනා පොකුරු ඕවා

පිපෙනා පොකුරු සිනාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ

හඳපානේ රටාවකින් නේද ගෙනාවේ
මගේ නෙතේ වශී සිනා ඕවා
දෑඟිල්ලේ ඔතා ගන්න මට හිතදේවී
අඟර දඟර කියඹු ලතා ඕවා

නළලේ කියඹු ලතාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ

කිරිමූදේ තරංගයෙන් හොරා ගෙනල්ලා
රටක් වටින සිනා පොකුරු ඕවා
ආකාසේ වලා පෙළින් නෙළා ගෙනල්ලා
ඔපේ වඩන කියඹු ලතා ඕවා

නළලේ කියඹු ලතාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ
පිපෙනා පොකුරු සිනාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ක්ලෝඩ් ප්‍රනාන්දු

No comments: