Tuesday, March 26, 2019

තුෂර බිංදු සිහිනයේ



තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්‍රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ

මී බිඟුන් තුඩින් තුඩේ වෙලී
ඒවි දැන් පියා සලා සලා ...//
අමර ආදරේ //
මා ළයේ ඔබේ නමින් පිදේ

තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්‍රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ

ජීවිතේ පුරා සඳුන් ලෙනේ
පෙම් හැඟුම් රැඟුම් ගැයුම් සෙනේ ...//
සුවඳ වින්දනේ අපට ළංවුණේ
එක අත්තක මල් දෙකක් වගේ

තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්‍රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ ....//

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: