ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
මැණිකෙ නිසා මැණිකෙ නිසා
මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා ....//
වත්ත පහළ කුඹුර මෙදා සරුවට වැවුණා
ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුණා ....//
අපේ ගමට සිරිය ගේන
මැණිකෙ ඔයා මටයි ඕන
ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
මැණිකෙ නිසා මැණිකෙ නිසා
මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා
ටිකිරි නංගි හරි තරහයි මට දොස් කිවුවා
ඔයත් එක්ක කතා කළා කියා එරෙව්වා ...//
ටිකිරිට හරි තරහ ගියා
මම මැණිකෙට කැමති කියා
ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
මැණිකෙ නිසා මැණිකෙ නිසා
මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා ....//
ගායනය - සුපර් ගෝල්ඩන් චයිම්ස් (ඇනස්ලි මාලේවන)
පද- ක්ලැරන්ස් විජේවර්ධන
තනුව -ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "සිහින පැතුම්" තැටියට ඇතුළත් වූ ගීයකි. (EP Sooriya / CHB 035)
No comments:
Post a Comment