Tuesday, April 2, 2019

නිදි බර නෙත් දෙක


නිදි බර
නෙත් දෙක
නිදි බර නෙත් දෙක දියෙන් තෙමා
මිණි කිංකිණි හඬ සවන් යොමා
ගව කුර හඬ
මේ මහ රැයේ
ගව කුර හඬ මහ රැය කපා
ගැල පැදවෙයි තව ගමක් යොමා
ගැල පැදවෙයි තව ගමක් යොමා

සීතල වැසි වැටිලා තෙමිලා
මීදුම නෙත වසලා හමලා  ...//

ඝණඳුර මැද
එළියක් ඇත ....//

දිවි රැකුමට
මහ මඟ ඇත  ...//


නිදි බර
නෙත් දෙක
නිදි බර නෙත් දෙක දියෙන් තෙමා
මිණි කිංකිණි හඬ සවන් යොමා
ගව කුර හඬ
මේ මහ රැයේ
ගව කුර හඬ මහ රැය කපා
ගැල පැදවෙයි තව ගමක් යොමා
ගැල පැදවෙයි තව ගමක් යොමා

අහසේ සඳ තනිවී බබලා
මහ මඟ මත වැටිලා තෙමිලා ...//

ඝණඳුර මැද
එළියක් ඇත ....//

දිවි රැකුමට
මහ මඟ ඇත  ...//

නිදි බර
නෙත් දෙක
නිදි බර නෙත් දෙක දියෙන් තෙමා
මිණි කිංකිණි හඬ සවන් යොමා
ගව කුර හඬ
මේ මහ රැයේ
ගව කුර හඬ මහ රැය කපා
ගැල පැදවෙයි තව ගමක් යොමා
ගැල පැදවෙයි තව ගමක් යොමා

හා.... හා හා.....
හා හාහාහා හා..... ///.

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1975 දී "ඈත එපිට" තැටියට එකතු කළ ගීයකි. මේ ගීයට සංගීතය සුපර් ගෝල්ඩන් චයිම්ස් වෙතිනි.
ඇනස්ලි මාලේවන ගේ විවාහයත් සමග ක්ලැරන්ස් සෝලෝ ගායකෙයකු ලෙස ගමනක් අරඹා තිබුණි. මේ ඒ ගමනේ ඵලයකි.

No comments: