Thursday, April 4, 2019

මධු මල ලෙස මුදු

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

හිත ගොළුවෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමන විට නෙත් දෙක පිය වෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි /////.

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි

මිල්ටන් මල්ලවාරච්චිගේ ප්‍රථම EP  තැටිය ද, 1969 වසරේ නිකුත් විය. මේ එහි අඩංගු වූ ගී හතරෙන් එකකි. (තැටි අංක Philips JVPC 1051 )

No comments: