Friday, April 5, 2019

ඔබේ උපන් දිනේ

ඔබේ උපන් දිනේ
අදයි ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගු කල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

මා හා කියූ දේ ළංවී මුවින්
ගිලිහී ගියාදෝ ඔබගේ හදින්
කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ
අදයි ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගු කල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

ඉවත හෙලාලා සෙනෙහේ කැළුම්
ඇයි මා පෙළන්නේ නොදොඩා මුවින්
කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ
අදයි ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගු කල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - පැට්‍රික් දෙනිපිටිය
1974 දී නිකුත් කළ "ඔබේ උපන් දිනේ" EP තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංක Gemtone / OME 12)

No comments: