Saturday, April 13, 2019

වඩින්න අප වෙත

වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වසන්ත සමයේ සුරංගනාවියනේ ....//

සිරියාවෙන් කෙත් වතුපිටි සරු කර
මිටියාවත් කඳු හෙල් දෙණි පසුකර
සංතෝශය ගෙන ගෙට පතුරා හැර
සෞභාග්‍යය සව් සතට උදාකර

වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වසන්ත සමයේ සුරංගනාවියනේ

සේද වලා සුදු පිරුවට පටලා
ලා දළු වල් විදුනාවට ලෙලවා
අංගරාග මල් රොන් වත තවරා
කෝකිල ගීයෙන් කිංකිණි හඬවා

වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වසන්ත සමයේ සුරංගනාවියනේ

නැඟෙනා කොක් සන් සතුටු සිනාවට
වැයුණා මංගල බෙර බැති ගීයට
වඩිනා පෙර මඟ පියවිලි ලා සිට
පිපුණු එරබොදු මල් එක යායට

වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වසන්ත සමයේ සුරංගනාවියනේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

චිත්‍රය සිළුමිණ පුවත් පතෙනි.
Wadinna Apa Wetha Avurudu Kumariyane - Pandith W.D. Amaradewa

No comments: