Saturday, April 13, 2019

කිරි ඉතිරේවා නව වසරේ

කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

දුක් දොම්නස නැති වුණා
නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්රීති වන්න
මතුකරමින් මල්හිනා ....//

සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //

කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

බත බුලතින් අඩුනොවී
සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී
ගොඩ මඩ සරු සාර වී ...//

සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //

කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග

No comments: