පෙම් හද විමනේ
දැල්වෙන පහනේ
නිල් ආලෝකෙ දුටුවද මිහිරේ
ආලෝකය පෙම්
දීප්තිය එතරම්
නෙත් වැසුවත් පෙනේ ඔබෙ රූපේ
පෙම් හද විමනේ
දැල්වෙන පහනේ
නිල් ආලෝකෙ දුටුවද මිහිරේ
ආලෝකය පෙම්
දීප්තිය එතරම්
නෙත් වැසුවත් පෙනේ ඔබෙ රූපේ
පෙණය නටවන නයි හාමි වාගේ
මිහිරි නාදෙ අසාලා
ඔබද පිනවා ප්‍රේමේ රැඟුමි පා
නටමි දෝත විදාලා
ඔබ කොයිද ගියේ
බොරු හොඳද ප්රියේ
ඔබෙ පසු පස්සෙ ආලෝකෙ විහිදේ
ආලෝකය පෙම්
දීප්තිය එතරම්
නෙත් වැසුවත් පෙනේ ඔබෙ රූපේ
මේ මනු ලෝකයෙ දේව ලොවේහී
සැපත සාදන ආලේ
හැමදා දෝසේ යයි දුරුවිලා
පැළඳුවම මල් මාලේ
මහ පොළව කිඳා බැස අහස කඩාගෙන වැටුනත් සුදෝ ඔබ මාගේ
පෙම් හද විමනේ
දැල්වෙන පහනේ
නිල් ආලෝකෙ දුටුවද මිහිරේ
ආලෝකය පෙම්
දීප්තිය එතරම්
නෙත් වැසුවත් පෙනේ ඔබෙ රූපේ
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගත වූ “සරදම්” චිත්‍රපටියේ ගීයකි.
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගත්තකි.
No comments:
Post a Comment