Thursday, May 9, 2019

නටා ගීත ගයා

නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඔ දිලේ රූපෙ මා ගතේ ....//

හෝ.. ඔඔඕ....

සල්ලි ඇත්තෙ ඔබ ළඟයි
නැටුම් දන්නෙ අපි තමයි ....//
රිදී කාසි දුන්නොතින්
නැටුම් නටමි මැරෙණකම්
ඔ නැටුම් නටමි මැරෙණකම්

නටා ගීත ගයා කාසි සොයා අපේ ජීවිතේ
අපේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඔ දිලේ රූපෙ මා ගතේ

හෝ.. ඔඔඕ....

බුම්ම ඉන්නෙ ඇයි තවත්
මෙන්න ඔබට හාදුවක් ......//

කාසි දුන්නොතින් ගොඩක්
ඔබෙයි මේව ඔක්කොමත්
හො ඔබෙයි මේව ඔක්කොමත්

නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඔ දිලේ රූපෙ මා ගතේ

හෝ.. ඔඔඕ....

මොකෝ ඉන්නෙ ළතවෙලා
එන්න එන්න ළංවෙලා ....//

රසේ රඟේ තේරුනොත්
ගෙදර යන්නෙ නෑ
රෑත් ගෙදර යන්නෙ නෑ රෑ

නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඔ දිලේ රූපෙ මා ගතේ

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගත වූ සරදම්චිත්‍රපටියේ ගීයකි.


තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගත්තකි.

No comments: