කරුමේද මාගේ
සාපේ ද කාගේ .....//
නැගී ඒවි බෝ ලෙසේ
හදේ වේදනා
කරුමේද මාගේ
සාපේ ද කාගේ
මවා සීන ලෝකේ
තැනූ මාලිගේ ....//
කැඩීලා බිඳී ගියා
අහෝ මේ ලෙසා
කරුමේද මාගේ
සාපේ ද කාගේ
නැගී ඒවි බෝ ලෙසේ
හදේ වේදනා
කරුමේද මාගේ
සාපේ ද කාගේ
දවා සෝක ගින්නේ
දී වේදනා හදේ ....//
කඳුළේ හොවා මෙසේ
ඔබ කොයි ගියේ අනේ
අමු සොහොන වාගේ
සැම පාළු වී ගියේ .....//
අනුන්ගේ නවාතැනයි
උරුමේ වුණේ
කරුමේද මාගේ
සාපේ ද කාගේ
නැගී ඒවි බෝ ලෙසේ
හදේ වේදනා
කරුමේද මාගේ
සාපේ ද කාගේ .....//
ගායනය - ලතා වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.
ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment