උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඩා නිදියන්නේ ...//
සඳුන් වනේ මල් නෙළනා සුරංගනාවෝ
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ ...//
ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඩා නිදියන්නේ
සිඟිති නෙතේ කඅකුළු මුවේ නැඟෙන සිනාවේ
සසල නොවේ නිමල සුවේ සිතට උදාවේ
ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඩා නිදියන්නේ ...//
ගායනය - නීලා වික්රමසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - එච්.එම්. ජයවර්ධන
No comments:
Post a Comment