Wednesday, July 24, 2019

අවදිවන්න අවදිවන්න



අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ  ..//

සුසුම් හෙළන කලට දුක්වෙලා
ඔබත් සමග කවුද අඬන්නේ  ...//
ටිකක් සතුටු වන්න සැනසිලා
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

බලනු මැනවි කුරුලු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ ...//
එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලැබගන්නේ

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

දුක සැප දෙක පෙරළි පෙරළි යයි
යන කාලය නැත නවතින්නේ  ....//

ඊයෙ වගෙ ද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ ...//

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ  ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු

No comments: