Wednesday, July 24, 2019

කිමද සුමිහිරියේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ ... //

සෙවණැල්ල වගේ
ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා
කිසිවක් නොකියා
ඇයි යන්නෙ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර
හිනාව පින්බර
මගේ හිතට සුව දේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ

කෙහෙරැල්ල වැටී
නළලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැමිලා
ළං වෙන්න එයි මැණිකේ
දුටු වහාම හදවත ඔබේ
දුටු වහාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් ඉඳ
අගේ කරන්නද
කියන්න සුරතලියේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු

No comments: