Wednesday, July 24, 2019

සැළලිහිණි කොවුල් හඬ

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ


නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා

නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා



කට ඇද කිරළා සහ වලිකුකුළා
හොට දිග පිළිහුඩුවා


කට ඇද කිරළා සහ වලිකුකුළා
හොට දිග පිළිහුඩුවා
..//
අප දැකලා
බිය වැදිලා

තරඟෙට හඬ නැගුවා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ


කොළදිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා

කොළදිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා
මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා


විසකුරු පොළඟා
මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා

රට පිඹුරා
ළඟම නයා

දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ


ගායනය - ලතා වල්පොල සමගින් සී.ටී. ප්‍රනාන්දු
පද - සරත් විමලවීර
තනුව - සී.ටී. ප්‍රනාන්දු

No comments: