Saturday, March 26, 2022

දන්සැල් දොරෙහි

දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි ....//

නොමැත ඇසක කඳුළක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්

මළ බැඳුණු ගිණි දණ්ඩේ
දැල් බඳිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ
පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ
මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා ...//

දස රජ දම් හි නිති පැවතී
නරපති ඇමති වඩන රුතී

දස රජ දම් හි නිති පැවතී
නරපති ඇමති වඩන රුතී

සත වෙත පතල මෙත සදතී
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිති වී ඇත
නැත අක්‍රමිකතා
වැඩේ සුහදතා
සුන්දරතා සුවතා

අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
මැරුණත් මේ පුරේ
මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා ...//

කියමින් නිබඳ ගී මියුරූ
දකිමින් අවට රූ සොඳුරූ

කියමින් නිබඳ ගී මියුරූ
දකිමින් අවට රූ සොඳුරූ

සතුටින් රඟති මේ නුවරූ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල් වාද
පිල් බේද
කුලවාද
දෑ වාද

නැත බදු බර
පවුල් බර
ජීවන බර

මැරුණත් මේ පුරේ
මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා ...//

දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි


මේ ගීය වාරණයට ලක් වූ ගීයකි.

No comments: