Friday, October 14, 2022

වන මැද සුපිිපෙන


වන මැද සුපිපෙන
සුමිහිරි මල් වල ...//
සුවඳ ඉතින් නොදැනී යනවා


කකියන පපුවක ලේ වැල් සිඹ සිඹ
සෝක සුසුම් පිටවී එනවා


විල මැද පිහිනන හංස පැටවු යළි
කවදද කොහොමද දැක ගන්නේ

අප වැනි අසරණ ගැමියන් පමණ ද
පෙම් බැඳ කඳුළැලි වගුරන්නේ


හෝ ඕ ඕ...
ළතැවෙන වැලපෙන
පිණිසද ඔබ මා
වෙනුවෙන් කැපවී පෙම් බැඳුණේ
පෙම් බැඳුණේ

කරදර අවහිර බාධක දැක දැක
කොයිබ ද ආලය මුළු වැදුණේ
මුළු වැදුණේ


වන මැද සුපිපෙන
සුමිහිරි මල් වල

සෝක සුසුම් පිටවී එනවා
වන මැද සුපිපෙන

සීතල දිය ඇලි
ලෝදිය පිරි පිරි
මින් මතු මා දවලා යනවා
(ආ... ආ අඅ ආ....

ආලය පසු පස සෝකය ලුහු බැඳ
ඈත පටන් එලවා එනවා


වන මැද සුපිපෙන
සුමිහිරි මල් වල
සුවඳ ඉතින් නොදැනී යනවා
(ආ... ආ.. ආඅඅ ආඅඅ ආ....
වන මැද සුපිපෙන (ආ... අඅ ආ....

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව - බී.එස්. පෙරේරා

1961 දී තිරගතවූ "ගං තෙර" චිත්‍රපටියේ ගීයකි.

No comments: