Wednesday, October 12, 2022

වී කිරිල්ලී



වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ

වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ ...///

කුරුලු ලෝකේ
ප්‍රේමෙ සාමේ
අපට නෑ තව තේරුණේ

කුරුලු ලෝකේ
ප්‍රේමෙ සාමේ
අපට නෑ තව තේරුණේ
සිතන දේ සිතු සේ නොවේ නම්
කිමද නොසිතුව දේ වුණේ

වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ ...//

තනිව දැරු ඒ
දුක දෙගුණ වී
තව දුකක් ඇතිවේ ළයේ

තනිව දැරු ඒ
දුක දෙගුණ වේ
තව දුකක් ඇතිවී ළයේ
දිළිඳු මාගේ
ජීවන මාර්ගේ
හැරෙන තැන එළඹී තියේ

වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ ...///

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ආර්. මුත්තුසාමි

1961 දී තිරගතවූ "කුරුලු බැද්ද" චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීතය චිත්‍රපටිය සඳහා පසුබිම් ගායනය කළේ ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මියයි.

මෙහි ඉදිරිපත් කර ඇත්තේ එතුමිය පසු කලෙක කළ ගායනයකි.

තැටි සඳහා ගායනා කළේ ලතා වල්පොල මහත්මියයි. තැටි ගත මුල් ගීය ශ්‍රවණය සඳහා ඉදිරිපත් කර ඇත. ශ්‍රවණ ගුණය යහපත් නැත.

ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය ගැයූ ගීය


ලතා වල්පොල මහත්මිය පිලිප්ස් තැටියට ගැයූ ගීය

No comments: