Saturday, November 8, 2025

මහාමේරු පර්වත රාජ

ආ ආ... ආආ... ආ....
ආ ආ... අඅ ආආ... ආ.... ආ ආ

මහාමේරු පර්වත රාජ

මහාමේරු පර්වත රාජ

උසුලන මිහිකත සමාන //


ඉවසන දන ත්‍රිභුවන ජය 

ගනිති මෙ ලෝකේ

මහමෙර වැටුණත් හිස මත //

ඉවසනු ජය අත්වේ //


මහාමේරු පර්වත රාජ

උසුලන මිහිකත සමාන

මහාමේරු පර්වත රාජ


ඉවසනු ඉවසනු ලෝකෙට

ආ.. අආ... ආආ... ආ....

ආ ආ... ආආ... ආ.... ආ ආ


ඉවසනු ඉවසනු ලෝකෙට

වීරයෙක් වේ ඔබ මත්තට

ඉවසීම ම පරම ධර්ම

කර ගනු ජීවිත මාර්ගෙට

කර ගනු ජීවිත මාර්ගෙට


මහාමේරු පර්වත රාජ

උසුලන මිහිකත සමාන

මහා....


හ: හ: කවුද මිනිහො මා නැති අතරෙ මගෙ ගෙදර ඉඳගෙන සින්දු කියන්නැයි කිව්වෙ? හා හා උඹ ද මිනිහා ?


ගායනය - හෙක්ටර් සොයිසා

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගත්තකි.


No comments: