Saturday, December 6, 2025

ඉංගිරිසී වැස්සක්



මාගේ ආදරණීයේ...
ඔබ නැතුව...

මේ..   ජීවිතේ පල්

පල්

දැන් 

මල්


ටික් ටික් සම්බා

ටිටික්ටි සම්බා

හේයි


ඉංගිරිසී

වැස්සක් වාගෙ වසී

ඔය අච්චාරු මායම් එපා

ඔව්ව දැන් කාලේ උන්ගේ උපා ....//


දේසේ වාගේ බාසේ මේ

කාලෙටයි හැඩේ මගේ ...//

ඕ මයි ඩාලින්..

ටික් ටික් සම්බා

ටිටික්ටි සම්බා

ටික් ටික් සම්බා

ටිටික්ටි සම්බා

හේයි


යාම ඊම කෑම බීම ඇඳුම් බැඳුම් හා

භාශාවත් කටත් ඇදයි නේ

ඒවා කැතයි අනේ

ලක්ෂණයි අනේ

අන්තිම වෙයි

අන්තිමක් නැහැ

සිංහල නාමෙයි හමයි

එව්ව බොරු

එව්ව කැතයි අනේ (නෑ

අන්තිම වෙයි (නෑ

සිංහල නාමෙයි හමයි

චා චා චච්චා

ඔව්ව දැන් කාලේ උන්ගේ උපා


ඉංගිරිසී

වැස්සක් වාගෙ වසී

ඔය අච්චාරු මායම් එපා

ඔව්ව දැන් කාලේ උන්ගේ උපා


කාලෙ යයි හුළං වෙලා

ආලෙ මාග ගල් වෙලා ....//

ඒ දැන් පුළුන් වගේ

ටික් ටික් සම්බා

ටිටික්ටි සම්බා

ටික් ටික් සම්බා

ටිටික්ටි සම්බා

හේයි


දකින දකින තරුණියන්ට ආදරෙ වෙන්නා

මේ කාලේ ගණන් ගන්නෙ නෑ

මව් පියන්ගෙන් අසා

ඒක නම් ෂුවර්

උන් සිත් ලෙසා

දැන් වුනත් රයිට්

ආවොත් මමත් ආදරෙයි

අන්න හරි

මව් පියන්ගෙන් අසා (ෂුවර්

උන් සිත් ලෙසා (ෂුවර්

ආවොත් මමත් ආදරෙයි

ආ..හහ් හහ් හහ් හා

ඔව්ව දැන් කාලේ උන්ගේ උපා


ඉංගිරිසී වැස්සක් වාගෙ වසී

ඔය අච්චාරු මායම් එපා

ඔව්ව දැන් කාලේ උන්ගේ උපා


ගායනය - කේ. රාණි සමග පී. නාගේශ්වර රාඕ

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - ආර්. මුත්තුසාමි


1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.




චිත්‍රපටියේ මෙම ගීයේ රූප රාමු




No comments: