පවේ හා පිණේ ප්‍රමාණේ
සැප හා දුකා වේ
සැප හා දුකා වේ
ඒ තමා මේ ලෝකේ ධර්මේ....
තණ්හා දෝසේ දේය විනාසේ
මෙලොවෙහී සැපතා නැසේ
ලද දෙයින් මෙි සිත නොසෑහී
වැඩි සොයන්නෝ නාස්ති වේ ...//
සැපතෙහි දෙවියෝ වෙලා
නොමැරෙණා සේ වී මුලා
අනුන්ටා දුක දී පෙලා
උදුරලා ගන්නා සැපා
රාජ රජුන්ටත් මැති ප්‍රභූන්ටත්
අන් සතු දේ විෂම වේ
තණ්හා දෝසේ දේය විනාසේ
මෙලොවෙහී සැපතා නැසේ
ලද දෙයින් මෙි සිත නොසෑහී
වැඩි සොයන්නෝ නාස්ති වේ
මා පියාගෙන් වෙන්වුණා
මේ ලොවේ මා තනිවුණා ...//
සොහොනෙකී මේ මායා ලෝකේ
මිරිඟුවක් වේ ජීවිතේ
තණ්හා දෝසේ දේය විනාසේ
මෙලොවෙහී සැපතා නැසේ
ලද දෙයින් මෙි සිත නොසෑහී
වැඩි සොයන්නෝ නාස්ති වේ
ගායනය - ධර්මදාස වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment