Saturday, December 6, 2025

"අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකථාවේ 24 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි, "අහංකාර ස්ත්‍රී".

"කඩවුණු පොරොන්දුව" චිත්‍රපටිය නිෂ්පාදනය කළ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ එස්.එම්. නායගම් විසින් ⁣නිෂ්පාදනය කළ සිව්වැනි චිත්‍රපටිය වන මෙහි නිෂ්පාදන කටයුතු සිදුවූයේ නායගම් මහතා විසින් මෙරට ඉදි කළ කඳානේ  'සුන්දර සවුන්ඩ්' චිත්‍රාගාරයේදී.

ගීත පටිගත කිරීම පමණක්, මදුරාසියේ 'වාහිනී' ශබ්ධාගාරයේ දී සිදුවුණා.

"අහංකාර ස්ත්‍රී" චිත්‍රපටිය, දමිළ චිත්‍රපටි තුනක කතා ආශ්‍රයෙන් නිපදවූවක් වුවත් අනුකරණයක් නොවේ.

එම දමිළ චිත්‍රපටි තුන

1. Velaikari Magal (1952)
2. Parasakthi (1952)
3. Velaikaran (1952)



චිත්‍රපටියේ නිෂ්පාපාදනය සම්බන්ධව විස්තර මේ පලකිරීමේ අඩියේ ඇති, "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා ගෙන එන වීඩියෝවේ ඇතුළත් නිසා චිත්‍රපටියේ අඩංගු වූ ගීත පමණයි මා මෙහි ගෙන එන්නේ.

ගීත 11 ක් අඩංගු වූ මේ සිනමා කෘතියේ සංගීත අධ්‍යක්ෂණය කළේ ⁣ආර්. මුත්තුසාමි මහතා.

කතා පිටපත මෙන්ම, ගීත ප්‍රබන්ධයද කළේ කේ. හියුගෝ ප්‍රනාන්දු මහතා.

සෑම ගීයකම 'නාමය' (Title) එක මත 
ක්ලික් කිරීමෙන් ගීයේ වැඩිමනත් විස්තර වලට යොමු විය හැකිය.

මෙන්න ගී පෙළ

1. හේල හෙලෙයි 

ගායනය - කේ. රාණි, ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල සහ පිරිස



ගායනය - කේ. රාණි

තනුව උපුටා ගෙන ඇත්තේ 1953 දී භාරතයේ තිරගතවූ "අනර්කලී" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dua Kar Gham E Dil" යන ගීයෙනි. 



හින්දි ගීතය "Dua Kar Gham E Dil"

Singer - Lata Mangeskhar

Lyricist - Shailendra (Shankardas Kesarilal)

Music Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)

Movie - Anarkali (1953)





ගායනය - ඒ.එම්. රාජා




ගායනය - ධර්මදාස වල්පොල




ගායනය - ලතා වල්පොල හා කේ. රාණි
පද රචනය - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - චිත්‍රගුප්ත ශ්‍රීවස්තව
සංගීත අධ්‍යක්ෂණය - ආර්. මුත්තුසාමි

1954 දී භාරතයේ තිරගතවූ "මිස් මාලා"  චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ "Dil na lagaana Dil ka lagaana bahut bura" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් "Dil na lagaana Dil ka lagaana bahut bura" ගීතය

Singer - Shamshad Begum
Lyricist - Raja Mehdi Ali Khan
Music Composer - Chitragupt Shrivastava
Movie - Miss Mala (1954)




ගායනය - කේ. රාණි සමග පී. නාගේශ්වර රාඕ


ඉංගිරිසී වැස්සක් ගීයේ සිනමා රූප රාමු

7. ප්‍රේමයේ චන්ද්‍රයා

ගායනය - ලතා වල්පොල



(බඹරෙක් පෙම් ගීයක් ගයන්නේ)

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල



(බඹරෙක් ඒ පිළිකුල් කරන්නේ)

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල


ඉහත (බඹරෙක් ඒ පිළිකුල් කරන්නේ) ගීයේ සිනමා රූප රාමු



ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල




ගායනය - ලතා වල්පොල සමග කේ. රාණි



"සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා ගෙන එන "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ නිෂ්පාදන විස්තර ඇතුළත් වීඩියෝව

No comments: