Sunday, April 28, 2019

ලංකාරෙන් මලක් පිපී

ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
බඹරෙක් ඒ පිළිකුල් කරන්නේ
සෝබා ධර්මේට නිගා දෙවන්නේ

බඹරා නම් මල් රොනටයි දුවන්නේ
නිලමැස්සා ඇයි රොන් සොයන්නේ
සෝබා ධර්මේට නිගා දෙවන්නේ

සීනෙන් ගැලවෙන්ට බෑ හැංගිලා
ප්‍රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා ....//

දුප්පත් පොහොසත් දෙපිලක් වෙලා
ප්‍රේමෙත් දැන් ඒ දෙපිලට බෙදීලා

ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
බඹරෙක් ඒ පිළිකුල් කරන්නේ
සෝබා ධර්මේට නිගා දෙවන්නේ

තරුණියන්ට තරුණො ආදරෙයි
ඉසුරු දෙවිඳු ලිය හිසේ රකියි
රසැති කෑම ලොව බොහෝ තිබෙත්
හිඟන්නන්ට කොහෙන්ද උණු බත්

සෝකේට මුල් වෙනා
තණ්හාව ඕන නෑ ....//

ප්‍රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා
දුප්පත් පොහොසත් කුලයක් බලා
ප්‍රේමේ තවමත් නෑ වෙනසක් වෙලා

ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ (ආ...
බඹරෙක් ඒ පිළිකුල් කරන්නේ (අඅ අඅ ආ...
සෝබා ධර්මේට නිගා දෙවන්නේ (ආ... ආආ ආ..)

බඹරා නම් මල් රොනටයි දුවන්නේ (ආ.. ආඅඅ ආඅ ආ...
නිලමැස්සා ඇයි රොන් සොයන්නේ (ආ... ආඅඅ ආ...
සෝබා ධර්මේට නිගා දෙවන්නේ (ආ... ආආ ආ..)

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.


ඉහත ගීයේ සිනමා රූප රාමු


"ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ" ලෙස ගී දෙකක් මේ චිත්‍රපටියේ ඇතුළත් වුණා. ඉන් ඉහත ගීයේ කියවෙන්නේ "සෝබා ධර්මේට නිගා දෙවන්නේ" ගැන. අනෙක් ගීයේ කියවෙන්නේ "සෝබා ධර්මේට නිගා නොදෙන්නේ" ගැන.

දෙවන ගීයේ හොඳ තත්වයේ සංරක්ෂිත ගීයක් නැත. පහත ඇත්තේ කඩතොළු සහිත ගීයකි.

ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
බඹරෙක් පෙම් ගීයක් ගයන්නේ
සෝබා ධර්මේට නිගා නොදෙන්නේ

සිහිනෙන් ගැලවීමා බෑ හැංගිලා
ප්‍රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා

දුප්පත් පොහොසත් කුලයක් බලා
ප්‍රේමේ තවමත් නෑ වෙනසක් වෙලා

ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
බඹරෙක් පෙම් ගීයක් ගයන්නේ
සෝබා ධර්මේට නිගා නොදෙන්නේ

තරුණියන්ට තරුණො ආදරෙයි
ජීවිතේ මලක් වගේ පුදයි
තරුණ ලලනො කොහොල්ලෑ වගෙයි
තරුණ මැස්සො එහි ඇලී ගැලෙයි

ඇයි ආවේ මැස්සනේ
ඇයි ඇලුණේ කොහොල්ල නේ
ප්‍රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා
දුප්පත් පොහොසත් කුලයක් බලා
ප්‍රේමේ තවමත් නෑ වෙනසක් වෙලා

ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ (ආ.............   )
බඹරෙක් පෙම් ගීයක් ගයන්නේ (ආ.............   )
සෝබා ධර්මේට නිගා නොදෙන්නේ (ආ.............   ) .....//

නෙල්ල කැලේ හෙළ හෙළ නෙල්ල කැලේ
හෙළ හෙළ නෙල්ල කැලේ ///.


ඉහත ගීය (බඹරෙක් පෙම් ගීයක් ගයන්නේ)
සිනමා රූප රාමු (දුර්වල වීඩියෝවකි)



No comments: