Sunday, February 22, 2026

අපෙ ප්‍රීති ජීවිතේ



අපෙ ප්‍රීති ජීවිතේ
දුක සෝක නෑ සිතේ

අද කාලා බීලා සැනසිලා

හෙට මළත් මොකෝ


අපෙ ප්‍රීති ජීවිතේ

දුක සෝක නෑ සිතේ

අද කාලා බීලා සැනසිලා

හෙට මළත් මොකෝ


රැක ගන්න වස්තු කාසි බාග ඇත්තෙ නෑ අපේ

අපි කන්නෙ බොන්නෙ යන්නෙ එන්නෙ සිංහයින් වගේ


රැක ගන්න වස්තු කාසි බාග ඇත්තෙ නෑ අපේ

අපි කන්නෙ බොන්නෙ යන්නෙ එන්නෙ සිංහයින් වගේ


ලා ලා ලලා ලලා ලලල ලලල ලා

ලල ලලා ලලා ලලා ලලා ලලල ලා


ඇයි තමුසෙල තව ඉන්නෙ බල බලා


හෙට මොනවද වෙන්නේ

මොන මිනිහ ද දන්නේ


ලා ලලා ලලා ලාලා

ලා ලලා ලලා ලාලා


ගෝලය පෙරළෙනවා

ලෝකය කැරකෙනවා

තමුසෙල ලතවෙන්නෙ බල බලා


අපෙ ප්‍රීති ජීවිතේ

දුක සෝක නෑ සිතේ

අද කාලා බීලා සැනසිලා

හෙට මළත් මොකෝ

හෝ...යි ( ඈ.. ප්‍රීති ඝෝෂා)


(පහත ඇති කොටස් ග්‍රැමෆෝන් තැටිගත ගීයට ඇතුළත් කර නැත.)


හම්බ කළා නාස්ති කළා

හිතේ බරක් නෑ කිසී

දෙයියන්ගේ මල්ලී මුත් මොනවටදෝ කාසී


අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා

අළුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා ...//


මංගල්ලේ  සාරයි හෝ

මේකයි මේ ලෝකේ සැපේ ...//


මංගල ගෙදර යට

රාජ තේජ බල සැර (ඈ..)////

බොලං පොඩි නංගි ටිකක් හිටපං

බුලත් විට කන්ට ටිකක් හිටපං


රාජ තේජ බල සැර (ඈ..)////


ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස

පද රචනය - කරුණාරත්න අබේසේකර

තනුව - 

සංගීතය - එස්.එස්. වේදා


තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.


1956 වසරේ තිරගතවූ "ඩිංගිරි මැණිකා" චිත්‍රපටියේ ගීයකි.


(පහත ඇත්තේ චිත්‍රපටියේ අඩංගු වූ ගීයයි)



No comments: