Tuesday, August 4, 2026

ආතුර සුසුම්


ආතුර සුසුම් ගිනියම් වන යහන පුරා 

තහනම් හීන අමුණනවද කඳුළු සලා 


සේදුණි මහද තුළ ඔහු කළ පින්තාරූ 

සාමිනි සමා ඉල්ලන්නට නෑ වාරු 


දුටුවත් බිදුණු ඉදිකඩ ළඟ පා ලකුණු

මා දරු මව් නිසයි ඉවසුවෙ හද අකුණු 


සංකර බඹර මියැසියකට හිත නතුව 

හිමියනි විසිරුණා ඇමදපු හිත් මළුව 

හිමියනි විසිරුණා ඇමදපු හිත් මළුව 


තරු පෙරමග බලයි සඳ එනතුරු පේවී 

ඒ සඳ නුඹයි මම නුඹෙ අහසයි දේවී


සිදුහත් නුඹ වුවත් බිම්බා මා නොවෙමි 

එනමුත් සසර සරණා තෙක් නුඹ සොයමි   

එනමුත් සසර සරණා තෙක් නුඹ සොයමි


ගායනය - අශෝක කිරිඇල්ල සමග විශාරද දේවිකා චතුරාණි 

පද රචනය - නිල්මිණි වහින්ද්‍රසිංහ

සංගීතය - අනුරාධ අබේසිංහ


No comments: