Tuesday, August 4, 2026

මේ මාල පිපී

මේ මල්..

මේ මාල පිපී සීත සුළං ගේන සුගන්දේ

ඕ සෝබන මාලා

ඕ සෝබන මාලා

පිපිලා ශ‍්‍රීය ගලා ඒ ...//


පායා නැඟ ඒ සූර්ය පිපී රශ්මිය වීදා

සිත ශාන්ති වේ හද සැනසේ මනහර ශ්‍රීයා (ආ..... අඅ ආ...) .../


මේ ඩේසි කපුරු ඩේලී //

කුසුම් දෑස පිනා ඒ //

ඕ සෝබන මාලා

ඕ සෝබන මාලා

පිපිලා ශ‍්‍රීය ගලා ඒ


දිලිසේ හිරු ගේ රශ්මි වැදී

ප‍්‍රීති සැපා දේ ....//


දී නේක රැඟුම් වන බඹරුන්

පාති විනෝදේ


මේ මල්..

මේ මාල පිපී සීත සුළං ගේන සුගන්දේ

ඕ සෝබන මාලා

ඕ සෝබන මාලා

පිපිලා ශ‍්‍රීය ගලා ඒ ...//


ගායනය - ප්‍රිසිලා ඕපාත සමග පී.ඩී. වින්සනට් පෙරේරා

පද - යූ.ඩී. පෙරේරා

සංගීතය - මොහොමඩ් ගවුස්

තනුව - පණ්ඩිත් අමර්නාත් රෂීඩ්

තැටිය - HMV (1950)


1945 දී භාරතයේ තිරගතවූ "ශිරින් ෆර්හාඩ්" චිත්‍රපටිය⁣ට, ශම්ෂාඩ් බෙගම් සමග එස්.ඩී. බාතිෂ් ගැයූ Ye dil ye mere pyaar ka ghar tere liye hai යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




මේ තනුවටම ගායනා වූ තවත් ගී දෙකක් ඇත.
එම ගී සියල්ල ශ්‍රවණයට හා තනුව උපුටා ගත් හින්දි ගීයේ විස්තර සඳහා
"හෝ ප්‍රේමේ බැබලේ" ගීය ඇතුළත් පලකිරීම වෙත යන්න. 

No comments: