ප්‍රහේලිකාවක් වගේය ලෝකේ
ප්‍රේමය ස්ත්‍රී චිත්තේ
මඩ ගොඩේ හිටෙව් රිට වාගේ
මඩ ගොඩේ හිටෙව් රිට වාගේ
ප්‍රහේලිකාවක් වගේය ලෝකේ
උරේ පලා ලේ පොවා පිපාසේ
උරේ පලා ලේ පොවා පිපාසේ
නිවා දමාලත් කොටෙකුට රහසේ
පෙම් බැන්දා බිසවක් පෙර කාලේ
පෙම් බැන්දා බිසවක් පෙර කාලේ
පණේ පෙනේ සේ ප්‍රේමේ
මඩ ගොඩේ හිටෙව් රිට වාගේ
මඩ ගොඩේ හිටෙව් රිට වාගේ
ප්‍රහේලිකාවක් වගේය ලෝකේ
සිරිසඟබෝ හිස දුන් බව අසලා
සිරිසඟබෝ හිස දුන් බව අසලා
දේවිය රජ සැප සම්පත් හැරලා
අත්තනගලු ආරණ්‍යය මැද්දේ
අත්තනගලු ආරණ්‍යය මැද්දේ
හිස සුන්වූ කඳ දැකලා
අඬ අඬා හැපී මැරුණානේ
අඬ අඬා හැපී මැරුණානේ
ප්‍රහේලිකාවක් වගේය ලෝකේ
කෙනෙක් අඬයි අද කෙනෙක් සිනාසේ
කෙනෙක් මැරෙයි මේ ප්‍රේම පිපාසේ්
ප්‍රහේලිකාවක් වගේය ලෝකේ
ප්‍රහේලිකාවක් වගේය ලෝකේ
ප්‍රේමය ස්ත්‍රී චිත්තේ
මඩ ගොඩේ හිටෙව් රිට වාගේ
මඩ ගොඩේ හිටෙව් රිට වාගේ
ප්‍රහේලිකාවක් වගේය ලෝකේ
ගායනය - සිසිර සේනාරත්න
පද - සිරිසේන විමලවීර
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
1959 දී තිරගතවූ "මා ආලය කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment