Sunday, September 6, 2026

"අවිශ්වාසය" චිත්‍රපටියේ ගීත



"සිංහල චිත්‍රපටි ගීත" තේමාව යටතේ මා මෙතෙක් මහත් ආයාසයකින්, එදා සිට පිළිවෙලින් ඔබට ඉදිරිපත් කර ඇත.


ඒ ආ මඟ මා වඩාත් විඩාවට පත් කළ චිත්‍රපටියයි "අවිශ්වාසය".

1959 පෙබරවාරි 04 වැනිදා මහජන ප්‍රදර්ශනයට නිකුත් කර තිබූ මේ චිත්‍රපටියේ ගීත එකක් හැරෙන්නට අන් කිසිම ගීයක් වත්මන ජීවත්ව සිටින කිසිවෙකුට මතක ඇතැයි නොසිතමි.


ඉතාම අසාර්ථක ගී ප්‍රබන්ධ මට හමුවූයේ මේ චිත්‍රපටියේය.

ඒ ගැන යමක් පැවසීමට තරම්වත් නොකැමැතියි. ඒ තරමටම මේ ගී පද රචනා මට නම් දිරවන්නේම නැත.


ඔබම විචාරා බලන්න.


කෙසේ වෙතත් මා කරගෙන ආ කාර්යය පූර්ණ කරනු වස් සිංහල චිත්‍රපටි වංශකථාවේ 57 වැනි සිනමා කෘතිය "අවශ්වාසය" තුළ අඩංගූ වූ ගී පොදිය මෙසේ ඉදිරිපත් කරමි.


මා මේ කටයුත්තේ දී "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා  ගෙන එන අදාළ චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු වීඩියෝව ද මෙවර අමුණන්නේ නැත.

මට හැඟෙන ලෙස එතුමාද මේ "අවිශ්වාසය" චිත්‍රපටිය සම්බන්ධයෙන් එහි ⁣තොරතුරු ගවේෂණය ද විශ්වාසයක් නැතිව බැහැර කරන්නට ඇත.


ඒ නිසා නිෂ්පාදන තොරතුරු ද මෙලෙස කැටි කරමි.


📍"අවිශ්වාසය" 57 වැනි සිංහල චිත්‍රපටියයි.

📍මහජන ප්‍රදර්ශනයට නිකුත් කර ඇත්තේ 1959 පෙබරවාරි 04 වැනිදා.

📍නිෂ්පාදනය - ලයනල් ගුණතිලක සහ ටී. සෝමසේකරන්.

📍අධ්‍යක්ෂණය - ටී. සෝමසේකරන්.

📍කතා පිටපත - ටී. සෝමසේකරන්.

📍දෙබස් - කිංස්ලි රාජපක්ෂ

📍චිත්‍රාගාරය - සිලෝන් තියටර්ස් (නාරාහේන්පිට)

📍සංගීත අධ්‍යක්ෂණය - ආර්. මුත්තුසාමි

📍ගීත ප්‍රබන්ධය - සුදම් වනිගතුංග

📍ග්‍රැමෆෝන් තැ⁣ටි - හිස් මාස්ටර්ස් වෙයිස්

තැටි අංක WN. 635 සිට 638 දක්වා

ගීත සංඛ්‍යාව - 08


📍සියලුම ගී හින්දි හෝ දමිළ ගී වල තනුවලට තැනුණු ඒවාය.

ජනප්‍රිය වූවා නම් "මාසිත ප්‍රීති දුන් සදා" යන ගීය පමණි.


මෙහි ඇති ගී වල නාමය මත ක්ලික් කිරීමෙන් එකී ගීයේ වැඩමනත් විස්තර හා පදමාලාව ද සහිත කේවල පලකිරීම

වෙත යොමු විය හැකිය.


ඉතින් ඒ ගී ගොන්න මෙලෙසිනි.


1. මා සිත ප්‍රීති දුන් සදා


ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි සමග එච්.ආර්. ජෝතිපාල


1957 දී තිරගතවූ "Naya Daur" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Maang Ke Saath Tumhara" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(මේ තනුවටම වූ තවත් ගීයක් [දෑතට දෑත තියාලා] 1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියට නිර්මාණය වී තිබුණි.)




හින්දි ගීය

Singer - Asha Bhosale & Mohammad Rafi
Lyricist - Sahir Ludhianvi
Composer - O.P. Nayyar
Movie - Naya Daur 1957




ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි

1957 වසරේදී භාරතයේ තිරගතවූ "මදර් ඉන්ඩියා" හින්දි චිත්‍රපටියට, ලතා මංගේකාර් ගායනා කළ Nagri Nagri Dware Dware යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Nagari Nagari Dware Dware

Singer - Lata Mangeshkar

Lyricist - Shakeel Badayuni

Music Composer - Naushad Ali

Movie - Mother India (1957)





ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි

හින්දි හෝ දමිළ ගී තනුවකි.


ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.




ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි සමග ආර්. ශිවනන්ද

1957 දී භාරතයේ තිරගතවූ "පායල්" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගායනා කළ Chalo Chalo Re Sajan යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීය


Song - Chalo chale re sajan 

Singers - Hemanta Kumar Mukhopadhyay & Lata Mangeshkar

Lyricist - Rajendra Krishan

Music Composer - Hemanta Kumar Mukhopadhyay

Movie - Payal (1957)





ගායනය - පුෂ්පරාණී ආරියරත්න සමග මොහිදීන් බෙග්

1957 දී භාරතයේ තිරගතවූ "මුසාෆිර්" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග මන්නා ඩේ ගායනා කළ Tedhi Tedhi Humse Phire යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Tedhi Tedhi Humse Phire

Singers - Manna Dey (Prabodh Chandra Dey) & Shamshad Begum

Lyricist - Shailendra (Shankardas Kesarilal)

Music Composer - Salil Chowdhury

Movie - Musafir (1957)





ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.




ගායනය - මොහිදීන් බෙග්

1953 දී භාරතයේ තිරගතවූ "පරිනීතා" හින්දි චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ Chali radhe rani යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Chali radhe rani

Singer - Manna Dey

Lyricist - Bharat Vyas

Movie - Parineeta (1953)

No comments: