සැනසිල්ලෙ සුවේ
නිදියන් දුක නිවා මා පියේ
සැනසිල්ලෙ සුවේ
මේ සැමා දුක් වහා හීන වී
දේ සැපා වාසනා බෝ වහා
වස්තු රන් මාළිගා දුල් වඩා
පාමි ඉස්තිර වූ ආලයේ
මා නිසා දුක් වූයේ
නෑ මතු මේම දුක් දෙන්නෙ මා
සැනසිල්ලෙ සුවේ
දුක් දුනී නම් මෙතෙක් මත්තෙහී
සාන්ති සිසිලේ සුවේ සම්පත් දේ
මගෙනී වී නම් දොසා වී සමා
මා තුරුල්ලේ නිදා සන්සිදේ
මා පියේ රන්කඳේ
මේ මගේ සම්පතේ දුල් පා
සැනසිල්ලෙ සුවේ
ලෝකයේ නෙක් විඳී දුක් ළඳුන්
ඒ සිඳ දා විසී පසු සැපෙන්
මේ ඔබේ ලතා වේ සැමදා දිණූ
සිත් නැඟේ ලෝ දිනූ සාවිත්‍රී
සාමයේ සන්තොසින්
ප්‍රීති සීනේ දැකා නින්ද දේ
සැනසිල්ලෙ සුවේ
නිදියන් දුක් නිවා මා පියේ
සැනසිල්ලෙ සුවේ
ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි
පද - සුදම් වනිගතුංග
තනුව - නෞෂාද් අලි
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටිය - අවිශ්වාසය (1959)
තැටි අංකය - HMV WN 637
1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
No comments:
Post a Comment