Saturday, November 30, 2013

අරුණළු ඇතිරෙන‍


අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි

කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
ගමන් කළෙමි දුර සසර පුරා…//
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන් කළෙමි දුර සසර පුරා

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි

මහ කරුණාවේ සිලිල ගලා එන
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ…//
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබෙ නෙත් දහරේ

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි…//

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක


No comments: